Similar Posts

50 Comments

  1. Playlist🌻https://youtube.com/playlist?list=PLBAMCN9-nLLU9jUMhwnVgyA6D9lnH8f8k&si=Xuw6Q2e9j-tKsbbm කිනිත්තක කොලයක් සොයන්නට අපහසු තරමටම ජම්බු ගස රත් පැහැයෙන් තෙත්වෙලාය.මගේ මතකයට නැගෙන්නේ අවුරුද්දක් පාසා ඇසළ මහේ කරනු ලබන අල්ලපු ගමේ පන්සලේ නොඑක් වර්ණ විසිතුරු මල් පෙරහැරය.ජම්බු පොකුරුවල බර දරන්නට නොහැකිව උඩ අතු කිහිපයක් පහලට ඉරීගොස්ය.
    ගෙදර ගෙනා ජම්බු තලා සූකිරි කැට සහ රෝස පෙති දමා රත්කරගත් පසු සැකසුනේ රෝස සුවද රසවත් ජෑම් බෝතල් දෙකකි.රතු පැහැ ජම්බු වලටම කැපෙන රතු දෙලුම්,ඩ්‍රැගන් ෆෘට්,රතු ඇපල්,සට්‍රෝව්බෙරී සහ මගේ ප්‍රියතම ඇම්බුන් කෙසෙල් දමා සැකසූ සවු මිශ්‍ර පලතුරු රෝස කිරි ගත මෙන්ම සිතද නිවාලයි.
    මේ ටිකේ රණවරා ගස් යට මල් පෙති සී සීකඩය.කඩා නිමකරන්නට බැරි තරම් කිනිති අග මල්ය.සතියට දවසක් දෙකක් රණවරා මල් තම්බා හවසට කිතුල් හකුරු ඇබින්දක් සමග බොන පුරුද්ද මටනම් හරිම වටින පරණ පුරුදුය.
    මේ අවුරුද්ද අවසානයට ඔන්න මෙන්නය.අවුරුද්ද අන්තිම තාත්තා සුමිත් මාමලා සමග සිංදුවක් කියා රා කට්ටක් සප්පායම් වෙන්නට සැරසෙන ලකුණුය.යහමින් මිරිස් දමා කවලම්කල බඩඉරිගු සහ පාන්පිටි තවරා බැදගත් මස් පෙති සමග කලවලමට තෙලෙන් බැදගත් සුදුලූණු ගෙඩියක් දෙකක් තැබුවේ තොල කට පිනායන්නටය.මස් කටු සමග සැල්දෙරි,බඩඉරිගු,රට ලූණු,ඉගුරු,සේර සහ එනසාල්,කරාබුනැටි,ලුණු,ගම්මිරිස් දමා පැය තුන හතරක් මද ගින්දරේ තම්බාගත් කොලෙජන් සපිරි කටු සුප් රස සුවදින්ද අඩුවක් නැත.
    තැම්බූ කඩල කූණිස්සො,කැරට්,ලීක්ස් සමග පොල් කෑලි දමා තෙම්පරාදු කරගත්තේ තක්කාලි සහ සෝයා සෝස් ඇබින්දකුත් දමාය.ඉතිරි වී තිබූ ජම්බු ගෙඩි කිහිපයත් ඇපල් ගෙඩිකිහිපයකුත් තීරු කපා ලුණු ගම්මිරිස් සමග දෙහි බිංදු දෙකක් දමා ගත්තේ රා කට්ටෙහි සොමිය තව වැඩිවෙන්නටය.
    පසු දින උදාවූයේ අලුත් අවුරුද්දක පලමු දින අපට තෑගි ලෙස රැගෙනය.දින මාස සති අවුරුදු කියා වෙනසක් නැත.හැම ක්ෂනයකම මා පතන්නේ මේ විශ්වයටම සැනසීමය..
    හවස තේ බොන්නට මා සැකසුවේ ඉංදියානු රසකැවිල්ලක් වන ගුලාබ් ජමුං ය.රණවරා පොල් කට්ටත් සමග පැණි බේරෙන රසකැවිල්ලක රස විදගත්තේ හැමෝම තලු මරමින්ය.
    කෙමෙන් සද පැහැදිලි වූයේ හිරු මැකී ගොසිනි.හාත්පසම ඝණ අන්ධකාරයේ මා සිතද සංසුන්ය.
    මිනිසුන්ගේ ප්‍රාර්ථනාවන් හරි පුදුමය.ඒවා නොවුනානම් මේ විශ්වයට පැවැත්මක් නැත.නමුත් ඒ ප්‍රාර්ථනාවන් පරාර්ථකාමී වන තරමට සියලු දේ සංසුන්ව පවතී යැයි මට හැගේ..
    ඔබේ ඒ සිතුවිලි මගේ මේ ආලෝක දහරාවෙන් ජීවමාන වේවා.. කියා සෙනෙහසින් පතමි..
    සොබාදහමට ලංවෙන්න🍃
    උතුම් මිනිසෙකු ලෙස මෙ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න..🌼
    තෙරුවන් සරණයි..!!
    ආදරණීය පූර්ණා💛🧡

  2. ❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😢😢😢😢🎉😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  3. I'm a big fan of you
    Since one month my grandmother watching your videos she didn't get bored morning to night every day if I put any other videos she's getting bored and went into bedroom to sleep but she will watch your videos without getting bored whole day very interestingly. Love from Andhra Pradesh India

  4. සම්මාන පිට සම්මාන ලැබෙන්න ඕනී ඔයාලට අක්කි ,ඒත් Tv programme වලට ඔයා එන්නේ නැති එක හොදයි ,මොකද ඔයා ජීවත් වෙන මේ දිවයලෝකය දීහා බලලා අපි සතුටු වෙන තරම් ,අපේ හිත් නිවාගන්න තරම් දන්නේ අපි විතරයි ,love you Akki ,Mn Ishi ,Kurunegala

  5. ඇත්තටම කියුවොත් හිත නිවන විඩියෝ එකක්.ගොඩාක් ස්තුති..මෙ වගේ තැනක ඉපදෙන්න තිබුනා නම් කියලා හිතෙනවා..හිතේ කිසිම ප්‍රශ්නයක් නැති සරල ජිවිතයක්.හුදෙකලාවටයි ආසම.❤

Leave a Reply