Similar Posts

36 Comments

  1. Kfc crispy chicken

    අවශ්‍ය දේවල් :

    චිකන් කෑලි 6
    පාන්පිටි 200g
    කෝන් පිටි 3tbsp
    බිත්තර 1
    Fresh milk / වතුර 300ml
    සුදු ලූණූ කුඩු 2tbsp
    ගම්මිරිස් කුඩු 1tbsp
    මිරිස් කුඩු 1tbsp
    ලුණු 1tsp
    අබ පේස්ට් 1tbsp
    සෝයි සෝස් 1tbsp
    දෙහි බෑවක යුශ
    පොල් තෙල්

    සාදන ආකාරය :

    * chicken කෑලි ටික හොදට කපා ගන්න ඇතුලට බැටර් එක යන විදියට. හිල් විදින්න යන්න එපා හොදට ඉහිරිලා යන විදියට කපා ගන්න එතකොට තමයි ඇතුල බැදෙන්නෙ
    * දැන් පාන්පිටි ,කෝන් පිටි ,සුදුලූනු කුඩු(ගෙඩි තලලා දානවනම් දැන්ම දාන්න එපා) ,ලුණු ,ගම්මිරිස් එකට දාල හොදින් මික්ස් කරගන්න
    * දැන් හදාගත් පිටි මික්ස්චර් එකෙන් 1/3ක් වෙන් කරගෙන ඒකට බිත්තර ,අබ පේස්ට්,කිරි හෝ වතුර, ඉහතදී සුදු ලූණු කුඩු දැම්මේ නැත්නම් පෙරාගත් යුශ ,මිරිස් කුඩු,සෝයි සෝස් දාල හොද බැටර් එකක් හදාගන්න. දෙහි බෑවක දෙහි ඉශ්මත් දාගන්න
    * දැන් එම බැටර් එක chicken ටිකට දාගන්න. දාල හොදින් අනාගෙන මැරිනේට් වෙන්න තියන්න. ටික වෙලාවක් තියන්න පුලුවන් නම් හොදයි ඉතින්
    * පසුව chicken කෑලි එකින් එක අරන් ඉහතදී හදාගත් පාන්පිටි මික්ස්චර් එකේ තවරලා( video එකේ ආකාරයට තවරන්න) අයිස් වතුරෙ ඔබලා නැවතත් පිටි තවරලා රත් වූ තෙල් එකට දාගන්න. අඩු ගින්දරේ බැදගන්න. රන්වන් පාටට එනතෙක්. එකක් විනාඩි 15-20ක් විතර බැදගන්න. පාට වෙනස් වෙන්න නොදී අඩුම ගින්දරේ බදින්න

    සැ. යු.

    * පුලුවන් තරම් chicken කෑලි වල ඇතුල බැදෙන ආකාරයට චිකන් කෑලි කපාගන්න. නැත්තම් අමුයි කන්න අමාරුයි
    * සුදු ලූණු කුඩු නැත්නම් බික් 4,5 තලලා යුශ ගන්න
    * කෝන් පිටි දැම්මම හොද crispy ගතියක් එනව
    * අලුත් තෙල් ගන්න පාට වෙනස් වෙන්නැහැ ඉක්මනින් එතකොට
    * පුලුවන් තරම් chicken wings ගන්න බලන්න. Drumstick ගන්නවනම් හොදට පලලා ගන්න ඕනි
    * අබ පේස්ට් එක නැත්නම් , අබ ටිකක් විනාකිරෙන් අබරල ගන්න. ( අවශ්‍ය ම නෑ ඉතින් )
    * හරියටම kfc එකේ වගේ එන්නැහැ ඉතින් නමුත් ඒ හා සමානව එනව. Kfc එකේ recipe එක කොහෙවත්,කාටවත් හොයාගන්න නැහැ. එනිසා මේ අනුමානයක් මිස ඒකම නෙවෙයි.😁 ❤❤❤

  2. රිවුණාට ඔය දෙන්නමයි එල සුපිරි පට්ට කියන්න දෙයක් නෑ වීඩියෝ නම් සුපිරියටම විජිත් කරලාියෙනවා❤

  3. මේ කතාව නම් නියමයි අක්කේ ❤️🥰🥰🥰🥰🥰🥰🥰ඇත්තටම බය හිතෙනවා රෑ ඇහුව නම් heart attack එකක් හැදෙනවා 🙊🙊🙊🙊දැන් තමයි ඇහුවේ සුපිරි ඇ ❤️🥰❤️🥰

Leave a Reply